ආයුබෝවන්! - Patente සිංහලෙන් වෙත සාදරයෙන් පිළිගනිමු
ඉතාලියේ ජීවත්වන, රැකියාවන් කරන අපේ ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ප්‍රධානම සහ විශාලම අභියෝගයක් තමයි ඉතාලි රියදුරු බලපත්‍රය (Patente di Guida) ලබා ගන්න එක. භාෂාවේ තියෙන අපහසුතාවය සහ මාර්ග නීති පිළිබඳව හරි හැටි සිංහලෙන් දැනගන්න තැනක් නැති එක මේකට ප්‍රධාන හේතුවක්.
අන්න ඒ නිසයි, ඉතාලියේ රියදුරු බලපත්‍ර විභාගයට (Patente B) සූදානම් වෙන ඔයාලා හැමෝටම උදව් කරන්න "Patente සිංහලෙන්" බ්ලොග් අඩවිය අපි ආරම්භ කලේ.
මෙම බ්ලොග් අඩවියෙන් ඔයාලට ඉගෙන ගන්න ලැබෙන දේවල්:
ඉතාලි මාර්ග සංඥා (Segnali) සියල්ලම සිංහල තේරුම සහිතව.
Quiz ප්‍රශ්න පත්තර වල එන අමාරු ඉතාලි වචන වල සිංහල තේරුම්.
විභාගයේදී 'Vero' (නිවැරදි) සහ 'Falso' (වැරදි) තෝරගන්න ලේසි ක්‍රම සහ උපක්‍රම (Tricks).
න්‍යායාත්මක පාඩම් (Teoria) ඉතාමත් සරළව.
ඉතාලියේ ලයිසන් එකක් ගන්න එක හීනයක් නෙවෙයි, නිවැරදිව කැපවුනොත් ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. අපිත් එක්ක එකතු වෙන්න, යාළුවන්ටත් කියන්න!
ස්තූතියි,
Patente සිංහලෙන් කණ්ඩායම
Comments
Post a Comment