ඉතාලියේ රියදුරු බලපත්‍ර විභාගයට (Patente Teoria) සූදානම් වෙද්දී අපිට හමුවෙන ලොකුම බාධාව තමයි භාෂාව. හැබැයි මේ හැම වචනයක්ම කටපාඩම් කරන්න ඕනේ නැහැ. නිතරම ප්‍රශ්න පත්‍ර (Quiz) වල තියෙන මූලිකම වචන ටිකක් තේරුම් ගත්තොත් විභාගය ලේසියෙන්ම සමත් වෙන්න පුළුවන්.
අද පළවෙනි පාඩමෙන් අපි බලමු නිතරම පොතේ සහ ප්‍රශ්න පත්තර වල දකින්න ලැබෙන, අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු වචන 15ක් සහ ඒවායේ සිංහල තේරුම්:
| ඉතාලි වචනය (Italiano) |
සිංහල තේරුම (Significato) |
| La Strada | මාර්ගය / පාර (මුළු පාරම) |
| La Carreggiata | වාහන ධාවනය කරන කොටස (පාර මැද) |
| La Corsia | තීරුව (Lane එක) |
| Il Pedone | පදිකයා (පයින් යන කෙනා) |
| Il Veicolo | වාහනය |
| Il Conducente | රියදුරා |
| Vero | නිවැරදි / සත්‍යයි |
| Falso | වැරදි / අසත්‍යයි |
| Obbligo | අනිවාර්යය (Must) |
| Divieto | තහනම් කිරීම (Prohibition) |
| Pericolo | අනතුර / අවදානම |
| Precedenza | ප්‍රමුඛතාවය / ඉඩ දීම (Right of way) |
| Svolta | හැරවීම (Turn) |
| Sorpasso | ඉස්සර කිරීම (Overtaking) |
| Fermata | වාහනය මොහොතකට නැවතීම |
💡 පොඩි ටිප් එකක්: මේ වචන ටික පොතක ලියාගෙන දවසට දෙපාරක් විතර කියවන්න. ඊළඟ පාඩමෙන් අපි බලමු Strada සහ Carreggiata කියන දෙකේ එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා රූප සටහන් එක්කම.
ඔයාලට තියෙන ගැටළු පල්ලෙහායින් Comment කරන්න! මුල ඉඳලම පිළිවෙලට ඉගෙන ගමු.
Comments
Post a Comment