Posts

පාඩම 02: Strada සහ Carreggiata කියන්නේ මොකක්ද? රූප සටහන් සමඟ සරළවම

Image
ඉතාලි රියදුරු බලපත්‍ර (Patente B) පොතේ මුල්ම පිටුවේ තියෙන, හැමෝම පටලවා ගන්න වචන දෙකක් තමයි La Strada (මාර්ගය) සහ La Carreggiata (ධාවන පථය) කියන්නේ. අද පාඩමෙන් අපි බලමු මේ දෙකේ තියෙන වෙනස සහ විභාගයට (Quiz) එන වැදගත්ම ප්‍රශ්න මොනවාද කියලා. විෂය / සංකල්පය La Strada (මුළු මාර්ගය) La Carreggiata (ධාවන පථය) අර්ථ දැක්වීම පදිකයින්, වාහන සහ සතුන් සඳහා විවෘත මුළු පොදු අවකාශය. වාහන ධාවනය කිරීම සඳහාම වෙන් කර ඇති පාරේ ප්‍රධාන කොටස. අයිති වන කොටස් Carreggiata, Marciapiede, Banchina, Pista Ciclabile යන සියල්ලම අයිති වේ. සාමාන්‍ය ධාවන තීරු (Corsie) සහ ඉස්සර කරන තීරු (Corsie di sorpasso) පමණක් අයිති වේ. අයිති නොවන කොටස් මාර්ග පද්ධතියෙන් පිටත ඇති පෞද්ගලික ඉඩම්. Marciapiede, Banchina, Pista Ciclabile සහ Corsia di Emergenza අයිති නොවේ! (විභාගයට අහනවාමයි) ධාවන දිශාවන් තනි අතට (Senso unico) හෝ දෙපැත්තටම (Doppio senso) විය හැක. සාමාන්‍යයෙන් එක් දිශ...

පාඩම 01: ඉතාලි පතෙන්තේ (Patente B) විභාගයට අනිවාර්යයෙන්ම දැනගත යුතු මූලික වචන 15

ඉතාලියේ රියදුරු බලපත්‍ර විභාගයට (Patente Teoria) සූදානම් වෙද්දී අපිට හමුවෙන ලොකුම බාධාව තමයි භාෂාව. හැබැයි මේ හැම වචනයක්ම කටපාඩම් කරන්න ඕනේ නැහැ. නිතරම ප්‍රශ්න පත්‍ර (Quiz) වල තියෙන මූලිකම වචන ටිකක් තේරුම් ගත්තොත් විභාගය ලේසියෙන්ම සමත් වෙන්න පුළුවන්. අද පළවෙනි පාඩමෙන් අපි බලමු නිතරම පොතේ සහ ප්‍රශ්න පත්තර වල දකින්න ලැබෙන, අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු වචන 15ක් සහ ඒවායේ සිංහල තේරුම්: ඉතාලි වචනය (Italiano) සිංහල තේරුම (Significato) La Strada මාර්ගය / පාර (මුළු පාරම) La Carreggiata වාහන ධාවනය කරන කොටස (පාර මැද) La Corsia තීරුව (Lane එක) Il Pedone පදිකයා (පයින් යන කෙනා) Il Veicolo වාහනය Il Conducente රියදුරා Vero නිවැරදි / සත්‍යයි Falso වැරදි / අසත්‍යයි Obbligo අනිවාර්යය (Must) Divieto තහනම් කිරීම (Prohibition) Pericolo අනතුර / අවදානම Precedenza ප්‍රමුඛතාවය / ඉඩ දීම (Right of way) Svolta හැරවීම (Turn) Sorpasso ඉස්සර කිරීම (Overtaking) Fermata වාහනය මොහොතකට නැවතීම 💡 පොඩි ටිප් එ...

ආයුබෝවන්! - Patente සිංහලෙන් වෙත සාදරයෙන් පිළිගනිමු

ඉතාලියේ ජීවත්වන, රැකියාවන් කරන අපේ ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ප්‍රධානම සහ විශාලම අභියෝගයක් තමයි ඉතාලි රියදුරු බලපත්‍රය (Patente di Guida) ලබා ගන්න එක. භාෂාවේ තියෙන අපහසුතාවය සහ මාර්ග නීති පිළිබඳව හරි හැටි සිංහලෙන් දැනගන්න තැනක් නැති එක මේකට ප්‍රධාන හේතුවක්. අන්න ඒ නිසයි, ඉතාලියේ රියදුරු බලපත්‍ර විභාගයට (Patente B) සූදානම් වෙන ඔයාලා හැමෝටම උදව් කරන්න "Patente සිංහලෙන්" බ්ලොග් අඩවිය අපි ආරම්භ කලේ. මෙම බ්ලොග් අඩවියෙන් ඔයාලට ඉගෙන ගන්න ලැබෙන දේවල්: ඉතාලි මාර්ග සංඥා (Segnali) සියල්ලම සිංහල තේරුම සහිතව. Quiz ප්‍රශ්න පත්තර වල එන අමාරු ඉතාලි වචන වල සිංහල තේරුම්. විභාගයේදී 'Vero' (නිවැරදි) සහ 'Falso' (වැරදි) තෝරගන්න ලේසි ක්‍රම සහ උපක්‍රම (Tricks). න්‍යායාත්මක පාඩම් (Teoria) ඉතාමත් සරළව. ඉතාලියේ ලයිසන් එකක් ගන්න එක හීනයක් නෙවෙයි, නිවැරදිව කැපවුනොත් ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. අපිත් එක්ක එකතු වෙන්න, යාළුවන්ටත් කියන්න! ස්තූතියි, Patente සිංහලෙන් කණ්ඩායම